Saturday, September 7, 2019

ඇමසන් වනාන්තරයට පැය හතරක් පුරා තද වැසි


ඇමසන් වනාන්තරයට අධික වර්ෂාවක් පතිත වී තිබේ.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ඉන් වනාන්තරය දවා හලුකළ ලැව්ගිනි මඳක් පාලනය වූ බවයි.
 ඇමසන් වනාන්තරයේ පැතිරයන ලැව්ගිනි පාලනයට බ්‍රසීල රජය මහත් වෙහෙසක් දරමින් සිටියි.
ඒ කටයුතු සදහා මඳ අස්වැසිල්ලක් වෙමින් ඇමසන් ලැව්ගිනි බහුලව ව්‍යාප්ත වී පවතින බ්‍රසීලයේ රොන්ඩෝනියා ප්‍රාන්තය වෙත පැය 04ක් පුරා වැසි පතිතවී ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.
ඇමසන් වනාන්තර කලාපයේ පවතින අධික උණුසුම්, වියළි කාලගුණය හේතුවෙන් ඒ අශ්‍රිතව පැතිරයන ලැව්ගිනි පාලනය ඉතාමත් අසීරු වී තිබුණි.
ඇද හැලුණු අධික වැසි හේතුවෙන් පැවැති වියලි කාලගුණය මඳක් සමනය වූ බව රොන්ඩෝනියාවේ ගිනි නිවීම් වල නිරතවූ පිරිස් පවසයි.
මේ වසරේ ජනවාරි මාසයේ පටන් අගෝස්තු මස 28වැනිදා දක්වා ගතවූ කාලයේදී බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තරයේ ලැව්ගිනි 94 957ක් හටගෙන තිබේ.
බ්‍රසීල ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට අනුව එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 75ක වැඩිවීමකි.

No comments:

Post a Comment

ඇමසන් වනාන්තරයට පැය හතරක් පුරා තද වැසි

ඇමසන් වනාන්තරයට අධික වර්ෂාවක් පතිත වී තිබේ. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ඉන් වනාන්තරය දවා හලුකළ ලැව්ගිනි මඳක් පාලනය වූ බවයි.  ඇමසන් වන...